― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical"චීන නෞකාව පිටුපස ඉන්නේ බැසිල් රාජපක්‍ෂ" - ඩිව් ගුණසේකර

“චීන නෞකාව පිටුපස ඉන්නේ බැසිල් රාජපක්‍ෂ” – ඩිව් ගුණසේකර

මේ වනවිට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති චීන නෞකාව සම්බන්ධයෙන් අමෙරිකාව හා ඉන්දියාව මැදිහත්වීම පිටුපස සිටින්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඇතුළු කණ්ඩායමක් බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩිව් ගුණසේකර හෙළිදරවු කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම චීන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැදිහත්වී චීනයේ හොඳ හිත පළුදු නොවන ආකාරයේ ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බවත් චීනය හා ශ්‍රී ලංකාව අතර ප්‍රශ්නයක් තිබේ නම් එය එම රටවල් දෙක විසඳාගත යුතු බව එහිදී පැවසූ ඩිව් ගුණසේකර කියා සිටියේ ඊට තවත් පාර්ශ්වයක් මැදිහත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවයි.

මෙම ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීම වෙනුවෙන් අමෙරිකාව හා ඉන්දියාවට කේලම් කියන පිරිසක්ද මෙරට තුළ සිටින බවත් ඔවුන්ගේ ක්‍රියා කලාප දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් හෙතෙම අව්ධාරණය කළේය.

මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ගැටලුවලදී එසමයෙහි ලක්‍ෂ්මන් කදිරගාමර් කටයුතු කළ ආකාරයෙන්, වත්මන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි කටයුතු කළ යුතු බවත් ඩිව් ගුණසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.