― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalමර්දනයට එරෙහි වෙන්න බැරිනම් විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයේ අවසානය සනිටුහන් කරනවා !

මර්දනයට එරෙහි වෙන්න බැරිනම් විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයේ අවසානය සනිටුහන් කරනවා !

මර්දනයට එරෙහි වෙන්න බැරිනම් විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයේ අවසානය සනිටුහන් කිරීමට සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 9 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධ සාකච්ඡාවක් යමින් තියෙනවා. ජනතාවට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් වෙමින් තියෙනවා. ඊයේ දවස ඇතුලේ 4 දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා.

 මංගල මද්දුම ගේ සම්බන්ධ ප්‍රශ්නය ඉතාම බරපතළයි. මහජන පුස්තකාලය ඉදිරිපිට රථ ගාල අසල තියෙන බස් නැවතුම්පොළ ලඟදි ඔහුව පැහැරගෙන ගියා. ඒක නිශ්චිතවම පැහැරගැනීම  ක්‌. සිවිල් ඇඳුමින් සැරසුණු දෙදෙනෙක් ඇවිල්ලා ත්‍රිරෝද රථයකට තමයි ඔහුව දාගෙන ගිහිල්ලා තියෙන්නෙ.

 එතන බස්නැවතුම්පලේ හිටපු අය කිව්වා ඒ ත්‍රීරෝද රථයේ පොලිස් කියලා ලියලා තිබුන කියලා. එතන ඉන්න කෙනෙක් කිව්ව බොරැල්ල පොලිසිය ආවෙ කියලා. බොරැල්ල පොලිසිය කිව්වා එවනි අත්අඩංගුවට ගැනීමක් කළේ නෑ කියලා

 අදාල පොලිසිය අයිති කුරුඳුවත්ත පොලිසියට ඔවුන් කිව්ව එවැනි අත්අඩංගුවට ගැනීමක් කළේ නෑ කියලා.

 කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤ වීදිය පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැහැ කිව්වා.

 පොලිස් මූලස්ථානය එවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධව පිළිගත්තේ නැහැ.

 එවැනි විදිහටම තමයි සසිඳු පහන් තාරකව භානුක ව, පියත්අ නිකෙශලව ත්අඩංගුවට ගත්තේ .

සසිඳු ගේ ප්‍රශ්නය ගත්තොත් එහෙම ඔහු පුස්තකාලය භාරව සිටියේ.

 රනිල් වික්‍රමසිංහ කතාවක් කළොත් නහයෙන් අඩනවා එයාගේ පුස්තකාලයේ පොත් අච්චර තිබ්බා මෙච්චර තිබ්බ කියලා. ගාලුමුවදොර පුස්තකාලයේ භාරව හිටපු අවුරුදු 18 ක 19 ක තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. ඔහුට තියෙන චෝදනාව එතැන පුස්තකාලයක් පවත්වාගෙන යාම.

 පුස්තකාලය හදන්න හට් එකක් පරිත්‍යාග කරපු කෙනාට පොලිසිය එන්න කියලා. ඔහුවත් අත්අඩංගුවට ගනීද දන්නේ නෑ. සෙල්ෆි ඡායාරූප සහ සමාජ ජාල මාධ්‍ය පරික්ෂා කරමින් ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය  ඒවා බලන්න ගිහිල්ලා සෙල්ෆි ගහපු මනුස්ස යි න් දැන් අත්අඩංගුවට ගන්නවා.

 දස දහස් ගණන් එතැනට ගියා. ඔවුනට පොදු දේපළ සම්බන්ධ චෝදනා කරනවා. කතානායකගේ මයික්‍රෆෝන ඉඳලා කුඩු කරලා එතැන පුටු කඩල පොත් විසි කරලා පොලිස් නිලධාරීන්ට ගම්බිරිස් කුඩු ගහපු අය ඒ ගොල්ලෝ යහතින් ඉන්නවා. ඔවුන්ට පොදු දේපල පිළිබඳ චෝදනා නෑ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරා කියලා චෝදනා නෑ.

 මේක සාධාරණද කියලා අපේ රටේ ජනතාව සිතා බැලිය යුතුව තියෙනවා.

 වෘත්තීය සමිති ව්‍යාපාරයට දරුණු ලෙස මර්දනය එල්ල වෙමින් තියෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය තලන උත්සාහයක ඉන්නේ.

 මේ මර්දනය සමස්ත සමාජය ඉලක්ක කරගෙන එන එක ක්‌.

මේ මර්දනය පිටිපස්සේ ඉන්නේ ජනතාව සමග දැවැන්ත වෛරයකින් පෙළෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරු සෙට් එකක් ඉන්නේ. අද රාජාසන කතාව පිළිබඳ විවාදයක් තියෙනවා.

 අපිට බලන්න පුළුවන් පාර්ලිමේන්තුවේ විපක්ෂය මොකක්ද රාජාසන කතාව පිළිබඳ කියන්න කියලා. රාජාසන කතාවේදී ඔහු නිශ්චිතව කිව්වේ අවුරුදු විස්සක් තිස්සේ කරන්න හදලා කරගන්න බැරි වෙච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක තමයි අරමුණ කියලා.

 ඒ වැඩපිළිවෙළ තමයි රී ගේනින් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ. යළි පුබුදමු ශ්‍රී ලංකා කියලා සිංහලෙන් ආවා ඒ වැඩ පිළිවෙළ.

 රීගේනින්       කියන්නේ යළි පුබුදමු නෙමෙයි ලංකාව නැවත අල්ලා ගැනීම. ලංකාව නැවත අල්ලා ගැනීමේ වැඩසටහනක් ඔහු 2001 දෙසැම්බර් මාසයේ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරලා ඔහු අගමැති වෙනකොට ඔහු ගෙනාපු වැඩසටහන.

 දෙදහස් එකේදී ඔහු උත්සාහ කළා කරගන්න බැරි වුණා. දෙදහස් පහළොවේ දී උත්සාහ කළා කරගන්න බැරි වුණා. ඇයි කරගන්න බැරි වුණේ ඒකට එරෙහිව දැවැන්ත මහජන විරෝධයක් ආපු නිසා.

 ඒ පරණ වයින් ම අලුත් බෝතල් වල දාලා එනවා.  රී සෙට්ල් ඉන් ශ්‍රී ලංකා  කියලා එක දැන් අලුතෙන් එනවා.

 ඒ වැඩ සටහනේ මොනාද තියෙන්නේ. රාජ්‍ය ව්‍යවසායන්  මහජන දේපළ විකුණා දැමීම . රනිල් හොඳට දන්නවා ඕක කරන්න යද්දී කම්කරු ව්‍යාපාරය දැවැන්ත විරෝධතාවක් එනවා.

 අධ්‍යාපනය සෞඛ්‍ය වගේ සමාජ ආරක්ෂණ සේවාවන් පෞද්ගලීකරණය කරලා ඒකෙ වගකීමෙන් රජය ඉවත් වෙනකොට ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත විරෝධතාවක් ඒකට එනවා.

 කෘෂිකර්මාන්තයෙන් සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ ගොවියා ඉවත් කරලා  දැවැන්ත බහුජාතික සමාගම් සඳහා ලංකාවේ වාණිජ  බෝග වගාවන් සඳහා ලංකාවේ භූමිය විවෘත කරද්දී ගොවි ව්‍යාපාරය දැවැන්ත විරෝධතාවක් ඒකට එනවා.

 අපිට රනිල් වික්‍රමසිංහව අලුතෙන් පරීක්ෂාවට භාජනය කරන්න දෙයක් නැහැ. පොහොට්ටුවේ ඉන්න රත්තරනුයි ජොන්ස්ටන් ප්‍රසන්න රණතුංග රාජපක්ෂ පවුලේ කට්ටියයි ඒගොල්ලො අලුතෙන් පරීක්ෂාවට භාජනය කරන්න දෙයක් නැහැ.

 මේ මර්දනය දියත් කරන්න සැදී පැහැදී ඉන්න ටිරාන් අලස් ල කමල් ගුණරත්න ල  හොරෙන් උපදෙස් දෙන රොහාන් ගුණරත්න ලා ගැන අලුතෙන් පරීක්ෂාවට භාජනය කරන්න දෙයක් නැහැ.

 මේක ඇතුලෙ සමාජයේ පරීක්ෂාවට භාජනය වෙනවා විපක්ෂය කියලා වාඩිවෙලා ඉන්න කට්ටිය.

 ඒගොල්ලො සියලු දෙනා මේක ඇතුලේ පරීක්ෂාවට භාජනය වෙනවා.

 මේ මර්දනයට එරෙහි වෙන්න බැරිනම් විපක්ෂයට පාර්ලිමේන්තු විපක්ෂයේ අවසානය සනිටුහන් කරනවා .

 මේ ආණ්ඩුවට තියෙන සුජාතභාවය මුළුමනින් අරගලය විසින් අවසන් කරලා තියෙන්නේ  තවදුරටත් දේශපාලන සුජාත භාවයක් නැහැ මේ ආණ්ඩුවට. රනිල් වික්‍රමසිංහ අපි ජනාධිපති හැටියට පිළිගන්නෙත් නැහැ.

 කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඔහුව මන්ත්‍රීවරයෙක් විදිහටවත් තෝරා පත් කළේ නෑ.

 ඔහු මන්ත්‍රී අධිපති. ලක්ෂ හැට නමයක් ඡන්දය ගත්ත ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙන්නේ ඇයි. ඔහු පිළිගන්නවා ඔහුට ඡන්දය දුන්න ලක්ෂ හැට නමය මේ වෙනකොට ඔහුත් එක්ක නෑ ඔහුට ව්‍යවස්ථානුකූල බලයක් නීතිමය බලයක් තිබුනට ඔහුට සමාජ සුජාතභාවයක් නැහැ කියලා.

 පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ජනවරම නෑ දැන්. විපක්ෂයට කිසිදු සමාජ සුජාතභාවයක් නැහැ කියලා ඉදිරියේදී ඔප්පු වෙනවා.