― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසේවකයින්ගේ වැටුප ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

සේවකයින්ගේ වැටුප ගැන ගත් අලුත්ම තීරණය මෙන්න

ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික වේතනය ඉහළ නැංවීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඇමැති මණ්ඩලයට යෝජනා කර තිබෙනවා.

දැනට ක්‍රියාත්මක වන ජාතික අවම මාසික වේතනය රුපියල් 12500 සිට රුපියල් 17500 දක්වා රුපියල් 5000කින්ද ජාතික අවම දෛනික වේතනය රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමටද සැලසුම් කර ඇත.

සේවකයන්ගේ අවම වේතනය පනත සංශෝධනය කිරීමට නියමිතය. ජාතික පාරිභෝගික මිල දර්ශකය යටතේ උද්ධමනය ජුනි මාසයේදී 59% දක්වා වැඩි වීම නිසා අඩු වැටුප් ලබන කම්කරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි.