― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුකාරවරුන්ට තවත් වගකීම් රැසක්

ආණ්ඩුකාරවරුන්ට තවත් වගකීම් රැසක්

පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා. ආණ්ඩුකාරවරු මේ පිළිබඳ ලිඛිතව දැනුවත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වර්තමාන අභියෝගාත්මක කාලසීමාව තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බවත් එම නිවේදනයේ සඳහන්.

පළාත් සභා පරිපාලනය, සංවර්ධන කටයුතු හා පළාත් සභා වියදම් කළමනාකරණය කිරීමේදී ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමග අනුගතව කටයුතු කිරීම මෙන්ම ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීම ඉතා වැදගත් බවද එහි දක්වා තිබෙනවා.

තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරු පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට ලිපියෙන් දන්වා ඇති බව සඳහන්.