― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජනපතිගේ නිවසට ගිනි තැබීමෙන් මිලියන 205ක පාඩුවක්

ජනපතිගේ නිවසට ගිනි තැබීමෙන් මිලියන 205ක පාඩුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට ගණන් බලා තිබේ.

මෙම නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් දිලින ගමගේ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 14ක් සහ ජනාධිපතිවරයාගේ මෝටර් රථයට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 191ක අලාභයක් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.