26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක් - නිමල්

ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක් – නිමල්

ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුණොත් රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය, විශිෂ්ඨ නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ඊයේ (10) ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බවත් ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන කතා කරන්නේ නැතිව අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට රටේ තිබෙන ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙමින් තිබෙන බව කී නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බවයි.