23.9 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසති අන්තයේදී බදුල්ලට අධි සුඛෝපභෝගී දුම්රියක්

සති අන්තයේදී බදුල්ලට අධි සුඛෝපභෝගී දුම්රියක්

ලබන සති අන්තයේ සිට කොළඹ සිට බදුල්ල දක්වා අධි සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මෙම දුම්රිය සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතව ඇත. සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟාවනු ඇත.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ආරම්භ කර ඇති මෙම නව දුම්රිය ‘ඇල්ල ඔඩෙසි’ ලෙස නම්කර ඇත.

මෙම දුම්රිය ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල නැවත්වීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථානවල දුම්රිය නවත්වනු ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.