28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු කුසලානයට පෙර මහේලගෙන් වනිඳු ගැන අනාවැකියක්

ආසියානු කුසලානයට පෙර මහේලගෙන් වනිඳු ගැන අනාවැකියක්

එළඹෙන ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවස්ථා බොහෝදුරට රඳා පවතින්නේ වනිඳු හසරංග මත බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය සමඟ මහේල මේ බව සඳහන් කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු 20 සිට අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, හොංකොං සහ සිංගප්පූරුව යන රවවල් මෙම සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර ආබාධයක් හේතුවෙන් ඉන්දිය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආසියානු කුසලානයට ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් පවතින බව ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබුණා. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතයි.