27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"අද අපි භුක්ති විඳින්නේ එදා එතුමා වපුරපු බීජයි"

“අද අපි භුක්ති විඳින්නේ එදා එතුමා වපුරපු බීජයි”

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තුවේ වසර 45ක කාලය තුළ වසර 43ක්ම අගමැති, කැබිනට් ඇමති හෝ විපක්ෂනායක ලෙස කටයුතු කර ඇති බවත් ඔහු වැපුරූ බීජ වත්මන් පරපුර විසින් භුක්ති විඳිමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක,

රනිල් වික්‍රමසිංහ දැන් කියනවා එතුමා දරණ ප්‍රයන්තනයේ ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත දරුවන්ට කියලා. මම එතුමට කියන්න කැමතියි, ඔබතුමා පාර්ලිමේන්තුවේ දැන් අවුරුදු 45ක්, මේ 45 න් අවුරුදු 43ක් එක්කෝ අගමැති, එක්කෝ කැබිනට් ඇමති, එක්කෝ විපක්ෂනායක.

අද මේ රටේ පරම්පරාව භුක්ති විදින්නේ එතුමා එදා වපුරපු බීජ. ඒ නිසා එතුමා අද වපුරන බීජ අනාගතයේ කවරාකාර විනාශයක් ගෙන දෙයිද කියලා පැහැදිලියි. අද මේ රට භුක්ති විදිමින් තියෙන්නේ ඉතිහාසයේ එතුමාලා විසින් වපුරන ලද බීජ.”