27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උදයංගගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ට විදේශගත වීමට අවසර දෙන ලෙස රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග විසින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන හතක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග සැකකරු වශයෙන් නම් කර තිබේ.

ඔහු ඇප මත මුදා හැරි අවස්ථාවේදී ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය විසින් නියෝග කර තිබුණි. ඒ අනුව අද මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ උදයංග වීරතුංගගේ නීතිඥවරයා දන්වා සිටියේ වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍යව ඇති බවයි.

ඒ සඳහා ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබෙන විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය තාවකාලිකව ලිහිල් කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළේය.