29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභයට ලංකාවේ නිදහසේ පදිංචි වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා පෙත්සමක්

ගෝඨාභයට ලංකාවේ නිදහසේ පදිංචි වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා පෙත්සමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති මූලික අයිතිය තහවුරු කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිසමට අද (12) පෙත්සමක් ගොනු කර තිබේ.

සිවිල් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සැඟවී සිට මාලදිවයිනට ගොස් එතැනින් සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඊයේ රාත්‍රියේ තායිලන්තයේ බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන සහ හිටපු පළමු පුරවැසියෙකු වන ගෝඨාභයට ශ්‍රී ලංකාව තුළ නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබාදිය යුතු බව ඕෂල හේරත් ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා රට හැර ගියේද නැතිනම් කුමන්ත්‍රණයක් හේතුවෙන් පිටුවහල් කළේද යන්න සොයා බලන ලෙසට පසුගිය ජුලි 18 වැනිදා පොලිසියට පැමිණිල්ලක් කළද ඒ පිළිබඳව පැහැදිලි විමර්ශන සිදු නොවූ බවද ඔහු එම පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.