29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට මහින්ද රෝහලට

ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට මහින්ද රෝහලට

හදිසි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (11) ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා, ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කර ඇති බව දැනගන්නට ලැබේ. ඔහු සුවකර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම කරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකුගේ ගැටී පසුගිය ජූලි 02 වනදා අනතුරකට ලක් විය. එහිදී බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බව වාර්තා වෙයි.