26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ගැන අලුත් තීරණයක්

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ගැන අලුත් තීරණයක්

දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට නීති සම්පාදනය කර ඇති බවයි.

ඒ අනුව වඩාත් විනිවිධභාවයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවත් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බවත් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.