25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාප්තුමාගෙන් පාස්කු වින්දිතයන්ට කෝටි 04ක ආධාරයක්

පාප්තුමාගෙන් පාස්කු වින්දිතයන්ට කෝටි 04ක ආධාරයක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පාප් වහන්සේ රුපියල් ලක්ෂ 400ක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ප්‍රදානය කළ බව කොළඹ අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසීය.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී කාදිනල් හිමිපාණන් වතිකානුවේ සංචාරයක නිරත වූ අතර එහිදී පාප් වහන්සේ විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගෙන් විමා ඇත.

එම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාප් වහන්සේ යුරෝ ලක්ෂයක් එනම්, ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 400ක පමණ මුදලක් පරිත්‍යාග ලෙස ලබා දුන් බවත් එම පියතුමා අවධාරණය කළේය.

එම මුදලින් කොටසක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කාණ්ඩ තුනක් ලෙස වෙන් කොට හෙට (13) කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීත්, අනිද්දා (14) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීත් අගරදගුරු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලබයි.