27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහරක් කටා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

හරක් කටා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

මෙරට මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තොරතුරකට අනුව ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව මොහු ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. හරක් කටා ඔහුගේ බිරිඳ බවට සඳහන් කාන්තාවක් සමඟ මැලේසියාව බලා යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්ය.

මොහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් රටවල් කිහිපයක සංචාරය කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.ඔහුගේ මුහුණේ ඡායාරූපයක් යොදාගෙන මියගිය වෙනත් අයෙකුගේ ජීව දත්ත ඇතුළත් කරමින් අදාළ ව්‍යාජ ගමන් බලපත්‍රය සකස්කර ඇති බව වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.