27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකතානායකවරයාත් ආර්ථික අර්බුදයේ කොටස්කරුවෙක්

කතානායකවරයාත් ආර්ථික අර්බුදයේ කොටස්කරුවෙක්

මහමැතිවරණයෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා මුදල් කමිටුවේ සභාපති ධුරය ආණ්ඩුවට ලබාදීමට කටයුතු කළ කතානායකවරයා සහ සභානායකවරයා රටට සිදුවූ විනාශයේ හවුල්කරුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජයට අවශ්‍ය තරම් මුදල් ඇති බව පවසමින් ජනතාව නොමග යවමින් අත්තනෝමතික ලෙස රජයේ කටයුතු කිරීමේ ප්‍රතිවිපාක අද ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇති බව ලක්ෂ්මන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එවක මුදල් කමිටුවේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා දුන්නේ නම් රට පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සැබෑ තතු ජනතාවට මීට වසර දෙකකට පෙර දැන ගැනීමට ඉඩ තිබූ බවත් එසේඉ වූවා නම් කල් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රට සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉඩ තිබූ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.