25 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභයගේ සිංගප්පූරු හෝටල් බිල මිලියන 67ක්?

ගෝඨාභයගේ සිංගප්පූරු හෝටල් බිල මිලියන 67ක්?

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටි කාලයේ ඔහුගේ හෝටල් බිල වශයෙන් රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචිමාර්ග පවසයි.

හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්ස් හෝටලයේ නවාතැන් ගෙන ඇති අතර හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක මුදල ගෙවා ඇත්තේ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මේ විට තායිලන්තයට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ එරට පිහිටි ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට යාම සඳහා තායිලන්ත රජයෙන් අවසර ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් අවසර ලබාදී නොමැති බව වාර්තා වෙයි.