29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඩුබායිවලදී අත්අඩංගුවට ගත් හරක් කටා දිවයිනට රැගෙන ඒමට සැරසෙයි

ඩුබායිවලදී අත්අඩංගුවට ගත් හරක් කටා දිවයිනට රැගෙන ඒමට සැරසෙයි

ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නඳුන් චින්තක නොහොත් හරක් කටා මෙම සතිය තුළදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව මේ විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වුණේ. නඳුන් චින්තක නොහොත් හරක් කටා පසුගිය 11 වනදා මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටිය දී අත්අඩංගුවට පත් වුණා.

මෙහිදී ඔහුගේ බිරිඳ බව පවසන කාන්තාවක් ද අත්අඩංගුවට පත්වූ බවයි වාර්තා වුණේ. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව මනුෂ්‍යය ඝාතනය රැසක් සම්බන්ධයෙන් හරක් කටාට චෝදනා එල්ල වී ඇති අතර පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම ඔහුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේ අතර හරක් කටාගේ ප්‍රධාන කුලී වෙඩික්කරුවා වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ ඊයේ (14) පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත් වුණා.