27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශීය මත්පැන් හඳුනා ගැනීමට විශේෂ පරිගණක යෙදවුමක්

දේශීය මත්පැන් හඳුනා ගැනීමට විශේෂ පරිගණක යෙදවුමක්

නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ පරිගණක යෙදවුමක් පාරිභෝගිකයන්ට ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පරිගණක යෙදවුම මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකරයට ඇල්ලීමෙන් එය නිෂ්පාදනය කළ නිෂ්පාදකයාගේ සිට සියලු විස්තර පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව පවතිනවා.

ආනයනික විදේශීය මත්පැන් සඳහා මෙම පරිගණක යෙදවුම දැනටමත් හඳුන්වාදී ඇති බව සඳහන් කරන සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය මත්පැන් සඳහා ද ස්ටිකරය නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව සඳහන් කළේ.

ව්‍යාජ මත්පැන් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.