― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනෙත්මිව රවටා නාමල් රාජපක්ෂ හමුවට රැගෙන ගිය පොහොට්ටු මන්ත්‍රී

නෙත්මිව රවටා නාමල් රාජපක්ෂ හමුවට රැගෙන ගිය පොහොට්ටු මන්ත්‍රී

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මල්ලව පොර තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පසුගියදා යළි මෙරටට පැමිණියාය.

එසේ පැමිණි ඇයව පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ඇයගේ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටි අතර නෙත්මිගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීමට සහ ඇය වෙනුවෙන් උපහාර දැක්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ අතර උත්සවයට පැමිණීමට ඇයට ප්‍රවාහන පහසුකම්ද නොතිබුණු බැවින් ප්‍රවාහන පහසුකම් ලබා දී එම උත්සවයට ඇයව පුහුණුකරු සමග ගෙන යාමට එම ප්‍රදේශයේ (ගිරිඋල්ල) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් ලබාදීමට එකඟ වී තිබූ බව මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් වාර්තා කර තිබුණි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට සූදානම් කර තිබූ උත්සවයට ගෙන නොගොස්, ඇයව එම වාහනයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ගෙන යාමට පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කටයුතු කර ඇත.

නෙත්මි අහිංසා දැරිය නොමඟ යවා තමා හමුවීමට කැඳවාගෙන ආ බවට මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක පළ වූ පුවතක් ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි හා හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තංගල්ල පොලිසියට ඊයේ (14) පැමිණිල්ලක් කර තිබේ.