30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝල බලාගාරයේ හදිසි බිඳවැටීමක්

නොරොච්චෝල බලාගාරයේ හදිසි බිඳවැටීමක්

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීමක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ එම දෝෂය හඳුනා ගැනීමට එහි කාර්ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම බලාගාරයේ දෙවන ඒකකය නියමිත නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවත්, තුන්වැනි ඒකකය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු එම ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඒ අනුව විදුලි සැපයුම කළමනාකරණය කිරීමට බටහිර වෙරළ සහ අනෙකුත් ඉන්ධන බලාගාර භාවිත කරමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.