28.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාඨලී, වෙල්ගම රජයේ ඇමතිකම් පට්ටමක් ගනියිද?

පාඨලී, වෙල්ගම රජයේ ඇමතිකම් පට්ටමක් ගනියිද?

සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම ප්‍රකාශ කර තිබේ.

තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද පවසා ඇත්තේ එවන් ආණ්ඩුවක තනතුරු භාරගැනීමට සූදානම් බවයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක ගොඩ දාන්න පුළුවන්ද? බැරිද? කියන එකට අවස්ථාවක් ලබාදෙන්න ඕනේ. දැනට මට නම් මීට වැඩිය හොඳ කෙනෙක් පේන්නේ නෑ. වගකීමක් භාරදුන්නොත් මම ඒක කරනවා. ජම්බෝ කැබිනට් එකක් කියලා කියන්නේ විපක්ෂයනේ. නමුත් මේකේ තියෙනවා අනුකාරක සභා. විපක්ෂය ඉල්ලනවා අනුකමිටුවල සභාපතිකම් 19 යම. කැබිනට් අමාත්‍යවරයෙකුගේ සෑම වරප්‍රසාදයක්ම අර 19 දෙනාට ලැබෙනවා. එකම බෝට්ටුවේ තමා නැගලා යන්නේ.