― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු අරගලය අත් හරින්නෑ

පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවන තුරු අරගලය අත් හරින්නෑ

ගාලු මුවදොර අරගලය නැවතුණද පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන තුරු අත්හරින්නේ නැති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රඩානය කළ මුල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට ඊයේ (14) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදී එක් වූ අවස්ථාවේදීයි.

මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බවත් තමන් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නේ ඒ සම්බන්ධයෙන් සාධනීයව කටයුතු කළහොත් පමණක් බවත් කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.

දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අතවිඳිය නොහැකි බව පැවසූ කාදිනල් හිමිපාණෝ කියා සිටියේ දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බවයි.

ලංකාවේ යුත්තිය ඉටුවීම ඉතාමත් දුර්වල අඩියක පවතින බවත් එයට හේතුව වසර ගණනාවක් මුලුල්ලේ දේශපාලන නායකයන් විසින් රටේ නීති පද්ධතියට අනවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමත්, නීතිය තමන්ගේ ග්‍රහණයට ගන්නට උත්සාහ කරනු දැකිය හැකි වූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.