― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෞද්ගලික බස් ධාවනය සාමාන්‍ය අතට

පෞද්ගලික බස් ධාවනය සාමාන්‍ය අතට

පාසල් සහ රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීමත් සමඟ බස් රථ ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහේම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව පාසල් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ. ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි මාස තුන තුළ විෂය ඉගැන්වීම් සඳහාම යොදාගත යුතු අතර විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කිරීමටත් පාසල් දිනවල උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් උපදෙස් දී තිබෙනවා.