28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල්ශාලා හිමිකරුගේ ජීවිතය නැති කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මල්ශාලා හිමිකරුගේ ජීවිතය නැති කළ දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය ජුනි 26 වැනිදා මිද්දෙණිය ප්‍රදේශයේ අවමංගල්‍ය ශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එහිදී ටී 56 ගිනි අවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 17ක් ද ඔවුන් අන්තකයේ තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සිදු කිරීමට මුදල් ලබාගත් සැකකරු සහ ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකුයි.

ඔවුන් විතාරන්දෙණිය සහ තිස්සමහාරාමය ප්‍රදේශවල පදිංචි අවුරුදු 35 සහ 28 යන වයස්වල පසුවන්නන්. පෞද්ගලික ආරවුලක් මත අදාළ ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මොවුන් මෙම අපරාධය සඳහා මෙහෙය වූ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන සිදුකරනවා.