29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ වියදම් තවත් සීමා කරන්නැ‍යි උපදෙස්

රජයේ වියදම් තවත් සීමා කරන්නැ‍යි උපදෙස්

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් තවදුරටත් සීමා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ. රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බවට ද මෙහිදී පුඅදෙස් ලබාදී ඇති බව සඳහන්. එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසටත් විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

රජයේ ආයතනවල ඉන්ධන, විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැනවීමට ද දැනුම් දී ඇති අතර දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට උපරිම කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබාදිය යුතු බවයි මෙමඟින් පෙන්වා දී ඇත්තේ.