23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරටට සේවයක් කරන්න තනතුරු අවශ්‍ය නැහැ

රටට සේවයක් කරන්න තනතුරු අවශ්‍ය නැහැ

අමාත්‍යාංශවල වියදම් අඩුකර එම මුදල් ජනතා සුබ සාධනයට යෙදවිය හැකි බැවින් අමාත්‍ය ධුර භාර නොගැනීමට සමගි ජන බලවේගය තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ වන විට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 70කට වැඩි සංඛ්‍යාවකින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත් කිරීමට රජය සූදානම් වෙයි.

අපි රජයේ වැරදි ක්‍රියාවලට විරෝධය පළකර ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කරනවා. රට වැටුණු වලෙන් ගොඩගැනීමට අපි විපක්ෂයේ සිට කටයුතු කරනවා. මෙමගින් වියදම අඩු වන අතර එම මුදල අපේ මව්වරුන්ගේ පෝෂණ වැඩසටහන් සහ පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන සඳහා වෙන් කළ යුතුයි. සිසුන්ගේ අධ්‍යාපනය සහ ඩිජිටල් සාක්ෂරතාව තුළින් රට තුළම ආර්ථිකය ගොඩනැගීම සඳහා එම මුදල් වෙන් කළ යුතුයි.

මෙය කිරීම කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීමට වඩා හොඳ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.