25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

හරක් කටාගේ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටාගේ’ ප්‍රධාන කුලී වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වනවා.

ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මොහු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක රැඳී සිට තිබෙනවා. නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ මලයාසියාව බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී ඩුබායි ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවටයි පසුගිය 11 වනදා වාර්තා වුණේ.

හරක් කටා සමඟ ඔහුගේ බිරිය යැයි පවසන තැනැත්තියක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ජාත්‍යන්තර පොලිසිය සහ මෙරට ආරක්ෂක අංශ සිදුකළ විශේෂ මෙහෙයුමකදී හරක් කටා සහ අදාල කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනය කළේ ඩුබායි ගුවන්තොටුපොළේ දී මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා හරක් කටා බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති බවයි. හරක් කටා අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට වෙසෙන ඔහුට සහාය දක්වන අපරාධ කල්ලි සාමාජිකයින් මේ වනවිට කලබලයට පත්ව ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසක් හරක් කටා විදෙස්ගතව සිට මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.