30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalක්‍රමය වෙනස් වෙනකන් දේශපාලනයෙන් ඉවත් වෙනවා - විමලවීර

ක්‍රමය වෙනස් වෙනකන් දේශපාලනයෙන් ඉවත් වෙනවා – විමලවීර

ක්‍රම වෙනසක් ඉල්ලා අරගල කළ අය එම ක්‍රම වෙනස ඇති කරන තුරු තමා දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමලවීර දිසානායක කියා සිටියේ අරගලකරුවන්ට අවශ්‍ය අප වැනි නායකයන් දේශපාලනයෙන් ඉවත් කිරීමට නම් ඊට තමා අනුගත වන බවත් තමා නැවත මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවත්ය.

ඒ අනුව තමා දේශපාලනයෙන් ඉවත් වී සිස්ටම් චේන්ජ් ඉල්ලූ පිරිස් එම වෙනස සිදුකර පෙන්වන දෙස බලා සිටින බවත් අවධාරණය කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළේ ෆේස්බුක් දෙස බලාගෙන බවත් පැවසූ විමලවීර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ ෆේස්බුක් බලාගෙන රට කරන්න එපා යයි තමන් හිටපු ජනපතිට පැවසූ බවයි.