නෙළුම් කුළුණ ලබන මස 15 වැනිදා සිට ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
මීටර් 300ක පමණ උසින් යුත් මෙම කුළුණ චීන ණය යටතේ ඉදිකර ඇති අතර වාණිජමය වශයෙන් ප්රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් ආයෝජන අවස්ථා සඳහා විවර කිරීමට කොළඹ නෙළුම් කුළුණ කළමණාකරන පුද්ගලික සමාඟම තීරණය කර තිබුණි.
කාර්යාල පහසුකම්, ප්රදර්ශනාගාර, සම්මන්ත්රණශාලා මෙන්ම සුවිශේෂී අලෙවිසැල් සඳහා නෙළුම් කුළුණේ පවතින මහල් ආයෝජකයින්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.