30.6 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිස්කට් මිල ඉහළයාමට හේතුව හෙළිවෙයි

බිස්කට් මිල ඉහළයාමට හේතුව හෙළිවෙයි

තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

ඊයේ (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව සඳහන් කළා.

මේ අතර පිටකොටුවේ භාණ්ඩ තොග මිලෙහි සහන පිට පළාත්වල ජනතාවට නොලැබීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (15) දිනයේ දී පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විය වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 60.00ත් 65.00ත් අතර අගයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉහළ ගොස් ඇති බිත්තර මිල පහළ දැමීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ යුතු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

බිත්තර මිල මෙලෙස ඉහළ යාම හේතුවෙන් තම නිෂ්පාදන කර ගැනීමේ දී දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.