23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමගේ පට්ටම ගැලෙව්වොත් ඊළඟට මං එන්නේ ඊට වඩා පට්ටමක් අරගෙන

මගේ පට්ටම ගැලෙව්වොත් ඊළඟට මං එන්නේ ඊට වඩා පට්ටමක් අරගෙන

තමාගේ ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කළොත් තමන් නැවත පැමිණෙන්නේ, එම තනතුරටත් වඩා ඉහළ ගෞරව නාමයකින් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (15) පෞද්ගලික්ක රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

ෆීල්ඩ් මාෂල් ධුරය සම්බන්ධයෙන් මේ වන විට උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සහ ඔහු අත්අඩංගුවට ගැනීමේ අවදානම සම්බන්ධයෙන් එම වැඩසටහනේදී මාධ්‍යවේදීයා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේය.

එම තනතුර ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ඉහළින් ඇති රටේ නම් හා සම්බන්ධ වන අතිගෞරවනීය තනතුරක් බවත් ඒ අනුව ඔහු හැඳින්විය යුත්තේ marshal of the ශ්‍රී ලංකා ලෙසින් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එමෙන්ම තමා හට ෆීල්ඩ් මාෂල් ධුරය හිමි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තමා ස්තූතිවන්ත වන බවත් යම් කිසි හේතුවකින් තමන්ගේ තරු හතරේ ජනරාල් ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉවත් නොකළේ නම් තමාට මෙම ධුරය නො ලැබෙනු ඇති බවයි.