― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsGSP+ වෙනුවට ලංකාවට වෙනත් සහනයක්

GSP+ වෙනුවට ලංකාවට වෙනත් සහනයක්

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කර ඇතැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කට වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමිවන අතර තවත් නිෂ්පාදන 150 කට අධික ප්‍රමාණයක තීරුබදු ඉවත් වීමක් සිදුකෙරේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ මෙම වෙළෙඳ යෝජනා ක්‍රමයෙන් ඇතැම් සෘතුමය තීරුබදු සරල කර ඇති අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන්ට බ්‍රිතාන්‍යයේ වෙළෙඳපොළට පිවිසීම පහසු කිරීම එහි අරමුණයි. GSP+ බදු සහන ක්‍රමය වෙනුවට 2023 වසරේදී බලාත්මක වන මෙම බදු සහන ක්‍රමය බ්‍රිතාන්‍ය හඳුන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග GSP+ බදු සහනය යටතේ අපනයනය කළ භාණ්ඩවලට අදාල වරණීය තීරුබදු සහනය රටවල් රැකසට අහිමි විය. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළෙඳ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත්තේ එම සහනය යළි ලබා දීම සඳහායි.