සියයට සියයක් නොවුනත් ජන ජීවිතයේ බොහෝමයක් ප්‍රශ්න විසඳා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.
විශේෂයෙන්ම ගෑස් පෝළිම සහ තෙල් පෝළිම අවසන් කිරීමට තමන් ඇතුළු රජය සමත් වූ බව ඔහු අවධාරණය කළේය.
අවස්ථාවාදී දේශපාලනය නිසා ආණ්ඩු පෙරළා බලය ලබා ගැනීමට අවශ්‍ය වූවන්ගේ ආශාව සිහිනයක් බවට පත්ව ඇති බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.