26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබනික පොහොර ගන්න රජයෙන් 20,000ක්

කාබනික පොහොර ගන්න රජයෙන් 20,000ක්

මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

මෙම සහනාධාරය ලබා දීම සදහා රුපියල් කෝටි 1600ක මුදලක් රජය වැය කිරීමට අපේක්ෂිතය.

2022 / 2023 මහ කන්නයේ වී වගා කිරීමේදී සියයට 70ක් රසායනික පොහොරද, සියයට 30ක් කාබනික පොහොරද වශයෙන් යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ලබන මහ කන්නයේදී වී ගොවීන්ට කිලෝග්‍රෑම් 50කින් යුත් පොහොර මිටියක් රුපියල් 10,000 බැගින් ලබා දීමටත්, හෙක්ටයාර් එකකට යුරියා පොහොර කිලෝග්‍රෑම් 125ක් බැගින් ලබා දීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.