26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට

ත්‍රිරෝද රථ ගාස්තු යළි ඉහළට

පළමු කිලෝමීටරය රුපියල් 120 දක්වාත් දෙවන කිලෝමීටරය 100 දක්වාත් වැඩිකර තිබෙන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් කුලී ත්‍රීරෝද රථ ගාස්තුවද සංශෝධනය කිරීමට සිදු වූ අතර එහිදී පළමු කිලෝ මීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමීටරයට රුපියල් 90ක මුදලක් අය කිරීමට එකඟතාවක් ඇති කර ගත් නමුත් මීටර ගාස්තු අය කරන ත්‍රීරෝද රථවලද එය පළමු කිලෝමීටරයට රුපියල් 120ක් සහ දෙවන කිලෝමීටරයට රු 100ක් ලෙස ගාස්තුව වැඩි කරගෙන තිබෙන හෙයින් කුලී ත්‍රීරෝද රථවලින් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට පෙර ගාස්තු විමසන ලෙස ඔහු පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.