― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsපුද්ගලයෙක්ට මාසයක් ජීවත් වීමට 13421ක් ප්‍රමාණවත්

පුද්ගලයෙක්ට මාසයක් ජීවත් වීමට 13421ක් ප්‍රමාණවත්

මේ වසරේ මාස 05 ක් තුළ පමණක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් 3,521 කින් ඉහළ ගොස් තිබෙනවා.

2022 වසරේ ජනවාරි මාසයේ සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් එක් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම වියදම දැක්වූනේ රුපියල් අටදහස් නවසිය විසි තුනක් ලෙසයි. ඒ අනුව මාස හයක් තුළ එම අගය රුපියල් 3521 කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම කරුණු අනාවරණය වුයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ නවතම නිල දරිද්‍රතා රේඛා සටහනට අනුවයි. 2022 ජුනි මාසයට අදාලව මෙම දත්ත නිකුත් කර තිබෙනවා. මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන වෙනම ගණන් බලා තිබෙනවා.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන පුද්ගලයකු හටයි ඒ සඳහා වැය වන මුදල රුපියල් 13421ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 13421 ක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුට සිය මූලික අවස්ථා සපුරාලීම සඳහා වැයවෙන මුදල රුපියල් 13063 ක්. නුවර එළිය දිස්ත්රික්කයේ එම අගය 13087 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ද එම අගය 13012 ලෙසයි . මෙහි අවම අගය පවතින්නේ මොනරාගල දිස්ත්‍රික්කයේයි එම අගය රුපියල් 11889 වෙනවා.