බදුල්ල – පස්සර ප්‍රදේශයේ පාසැලක බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 22 දෙනෙක් පස්සර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ අතරින් 20 දෙනෙකුම පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අද දහවල් කාලයේදී පැවති දැඩි සුළං තත්ත්වය සමග ගොඩනැගිල්ලක බැඳ තිබූ බඹර කුඩූවක් ඇවිස්සීමෙන් එම අනතුර සිදුව තිබේ.