31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය ආයතන 03ක් පුද්ගලීකරණය කිරීමට සැරසෙයි

රාජ්‍ය ආයතන 03ක් පුද්ගලීකරණය කිරීමට සැරසෙයි

මෙරට රාජ්‍ය ආයතන 03ක් ළඟදීම පෞද්ගලීකරණය කිරීමට සූදානම් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

The Economist සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මෙලෙස පෞද්ගලීකරණය ක්‍රීමට සැරසෙන ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතන ත්‍රිත්වයයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ඔහු එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.