28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් බැර කළ පුද්ගලයා සොයා ගැනේ

රැට්ටාගේ ගිණුමට ලක්ෂ 50ක් බැර කළ පුද්ගලයා සොයා ගැනේ

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයාව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සොයාගෙන තිබෙනවා.

ජා ඇල ප්‍රදේශයේ පිහිටි රතිඳු සේනාරත්නට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම මුදල් බැර වී තිබුණා.නමුත් අදාළ මුදල තැන්පත් වූ දවසේ ම රතිඳු සේනාරත්න, අදාළ සිද්ධිය පිළිබඳ එම පෞද්ගලික බැංකුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව සඳහන්.

පසු ව තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් රතිඳු සේනාරත්න පවසා තිබුණේ, මෙවැනි උගුල්වලට තමා කිසිසේත්ම හසු නොවන බවත් ව්‍යාපාර හා ගිණුම්කරණය වැනි විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තමන්ට ඇති බවයි.