25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට පොදු සමා කාලයක්

විදෙස් මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට පොදු සමා කාලයක්

මහ ජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම පොඩු සමා කාලය ලබා දී තිබේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට එම සමා කාලය ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112477 255 හෝ 0112 398 511 යන දුරකතන අංක අමතා විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් විමසිය හැකිය.