29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදෙස් මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට පොදු සමා කාලයක්

විදෙස් මුදල් තැන්පත් කිරීමට හා විකිණීමට පොදු සමා කාලයක්

මහ ජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම පොඩු සමා කාලය ලබා දී තිබේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට එම සමා කාලය ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 0112477 255 හෝ 0112 398 511 යන දුරකතන අංක අමතා විදේශ විනිමය දෙපාර්තමේන්තුව මගින් විමසිය හැකිය.