― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහරි දේ කරන්න මං බය නෑ - මටත් කියන්න දේවල් ගොඩක් තියෙනවා

හරි දේ කරන්න මං බය නෑ – මටත් කියන්න දේවල් ගොඩක් තියෙනවා

නිවැරදි දේ කිරීමට තමා කිසිවිටෙක බිය නොවන බවත් අරගලය සිදු කළ යුතු තැන ජනතාව තීරණය කළ යුතු බවත් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හරි දේ කරන්න බය වෙන්න එපා කිව්වා. ඒ දේ නොකරන අය බය වෙන්නේ කිව්වා. බය වෙලා තියෙන්නෙ හරි දේ නොකරන අය නේ දැන්. ඔබතුමා හිතනවද ජනාධිපතිතුමාට ක්‍රිකට් නිලවරණයට ඇවිත් දිනන්න පුළුවන් කියලා. බෑ කාටවත් දිනන්න බෑ. ඒකේ ඉන්නේ ඒ අයගේ කට්ටිය විතරයි. මම කතා කරන්නම් හරි වෙලාවට. නමුත් ඒක නෙමේ මම පෙන්වන්න හදන්නේ. අපි ක්‍රීඩා ආයතන ඔක්කොටම කිව්වා එකට වැඩ කරමු කියලා. අපේ ලේඛනයේ දාලා තියෙනවා ක්‍රිකට් ආයතනයේ සාකච්ඡාවට ගෙන්වන්න. අපි ගෙන්වන්නේ ඒ අයට තියෙන ප්‍රශ්න මොනවාද? අඩුපාඩු මොනවාද? ඉස්සරහට මොනාද සැලසුම්? මොන වගේ වියදම් කරලා තියනවද හොයාගන්න ඕනේ. ඒගොල්ලෝ මං මෙතනට එන එකට අකමැතියි. මම මෙතනට එනවාට කීපදෙනෙක් අකමැති වුණා. අකමැති වන ප්‍රධාන පුද්ගලයෙක් එළියට ඇවිත් නඩු දාලා. මහජනතාව තීරණය කරන්න අරගලය කරන්න ඕනේ කොතනද කියලා. අරගලයේ පාරේ නෙමෙයි කරන්න ඕනේ. මේ වගේ පුද්ගලයෝ එක්ක තමා අරගල කරන්න යන්න ඕනි. මොකද සිස්ටම් චේන්ජ් එකකට අපි යං. සිස්ටම් චේන්ජ් එක කරද්දී ඒ අය කලබල වෙනවා. මාත් හරි කැමතියි මේ අයව උසාවි ගේන්න. මොකද මටත් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න.