32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය ආයෙත් ලංකාවේ දේශපාලනය කරන එකක් නෑ

ගෝඨාභය ආයෙත් ලංකාවේ දේශපාලනය කරන එකක් නෑ

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියත් නැවත ලංකාවේ ‌දේශපාලනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් නොසිතන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) යාපනයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එසේම දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයකට රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කළේ ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වන නිසාදැයි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ මානව හිමිකම් සැසිය හා ඒ අතර සම්බන්ධතාවක් නොමැති බවයි.

ඒසේම සර්ව පාක්ෂික ආණ්ඩුවකට සියලු පක්ෂවල සහාය ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් අවම වැඩපිළිවෙලක් සඳහා සියලු පාර්ශ්ව අවම වශයෙන් හෝ එක්විය යුතු බවත් ඔහු පැවැසීය.