30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජෙහාන් අප්පුහාමි සොයා පොලිස් මෙහෙයුම්

ජෙහාන් අප්පුහාමි සොයා පොලිස් මෙහෙයුම්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (18) කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර දී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඒ, අනුව ඔහුව සොයා මේ වනවිට විශේෂ මෙහයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විරෝධතාව අතර 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද සිටිනවා.

අත්අඩංගුවට ගත් 16 දෙනා අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මේ අතර වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (18) රාත්‍රියේ උද්ඝෝෂණයක ද නිරත වුණා.