26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපැදියේ පාසල් ගිය සිසුවා තාප්පයක ගැටී ජීවිතක්ෂයට

පාපැදියේ පාසල් ගිය සිසුවා තාප්පයක ගැටී ජීවිතක්ෂයට

බෑවුම් සහිත මාර්ගය පාපැදියකින් ගමන් කළ පාසල් සිසුන් දෙදෙනෙක් එහි තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් සිසුවා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

දික්වැල්ල, දොඩම්පහල ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුවෙක් බව සඳහන්.

අමතර පන්තියකට සහභාගිවීම සඳහා සිය මව සමඟ ගොස් සිටිය දී, පන්තිය ආරම්භ වීමට පෙර යහළුවන් සමඟ බයිසිකල් පදිමින් සිටිය දී මොවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු දරුවන් දෙදෙනා දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කළ ද එක් සිසුවෙකුගේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.