29 C
Colombo
Tuesday, November 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙම්වතියගේ හොර අල්ලන්න බුර්කාවකින් සැරසුණු පෙම්වතා ගාල්ලේදී අත්අඩංගුවට

පෙම්වතියගේ හොර අල්ලන්න බුර්කාවකින් සැරසුණු පෙම්වතා ගාල්ලේදී අත්අඩංගුවට

මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාවකින් සැරසී සිටි තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල මුස්ලිම් ජාතික තරුණයා අද (19) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

අදාල තරුණයා කොළඹ බලා යාමට දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් මිලදීගෙන ඇති අතර එහිදී ඔහුගේ කටහඬ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂා කර තිබෙනවා.

පසුව මෙලෙස කාන්තා ඇඳුමෙන් සැරසී සිටිනුයේ තරුණයෙකු බවට හඳුනාගත් ආරක්ෂක අංශ ඔහුව පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමඟ සම්බන්ධයක්
පවත්වන බවටත්, ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලද තොරතුරක් අනුව ඔවුන්ව හසුකර ගැනීමට මෙලෙස කාන්තා ඇඳුමකින් සැරසී පැමිණි බවයි.

මෙලෙස සැරසී ආ කාන්තා ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

24 හැවිරිදි වියේ පසු වූ අදාල තරුණයා ඔහුගේ දෙමව්පියන් පොලිසියට කැඳවා ඔවුන් වෙත භාරදීමට කටයතු කළ බව පොලිසිය පැවසුවා.