28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිලියන හතරක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඔස්ට්‍රියාවෙන් මෙරටට

මිලියන හතරක අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඔස්ට්‍රියාවෙන් මෙරටට

ඔස්ට්‍රියානු රජය විසින් රුපියල් මිලියන හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබේ.

නවදිල්ලියේ පිහිටි ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී මතියාස් රැඩොස්ටික්ස් විසින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම ඖෂධ තොගය නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ වෙත පසුගිය 16දා භාරදීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රජය විදේශ රටවලට යොමු කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පරිත්‍යාගය ලබා දී ඇති අතර මෙම ඖෂධ තොගය බාර ගත් මොරගොඩ ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා වෙත සිය කෘතඥතාව පළ කළේය.

මහ කොමසාරිස් කාර්යාලය මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකාවට එවීම සඳහා කඩිනමින් කටයුතු කරමින් පවතී.