31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෛත්‍රීපාලගෙන් CIDයට පැය 03ක ප්‍රකාශයක්

මෛත්‍රීපාලගෙන් CIDයට පැය 03ක ප්‍රකාශයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරයාගෙන් කොළඹ පිහිටි නිවසේදී පැය තුනක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්.

2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක් සහාධිපත්‍ය සංකීර්ණයේ දී සිදුවූ ඝාතන සිද්ධියට වැරදිකරුව සිරදඬුවම් නියමව සිටි පුද්ගලයාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේ ජනාධිපති සමාව ලබා දුන්නා.