29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීම පුළුල් කෙරේ

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීම පුළුල් කෙරේ

රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.