27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව 2020 වසරේ දී විවාහ ලියාපදිංචිවීම් 143,061ක් සිදුව ඇති අතර, එය 2021 වසරේ දී ලියාපදිංචිවීම් 162,628 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඉහළ ගිය විවාහ ලියාපදිංචිවීම් අතරින් වැඩිම විවාහ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 18,591ක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන් පසු වැඩිම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 17,300 ක් ලෙසයි.

අඩුම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් පසුගිය වසරේ සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර 899ක් ලෙස එම සංඛ්‍යාව දැක්වෙනවා.

කොව්ඩ් සංචරණ සීමා සහ ලොක්ඩවුන් කිරීම් හේතුවෙන් 2020 වසරේ දී විවාහ ලියාපදිංචිය මෙලෙස තරමක් අඩුව ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.